ඉන්න මා යලි එනතුරා
නෙත් කෙවෙනි යට කදුළු සගවා
ඉන්න මා යලි එනතුරා
සිතේ තෙරපෙන
නෙතේ වැලපෙන
සුසුම් යට හැගුමක් තියා
යලිත් දිනයක රුව දකින්නට
නෙත් හිදිමි මග බල බලා
යදම් බිදගෙන පලා එන්නම්
නුඹෙ සිතට සැනසුම වෙලා
Sudeera Sanjaya
2008-06-09
නුඔ එන්නෑ
එක තරුවක
එක වරුවක
කදුළු අතර මා සිටියා
නුඔ දවසක
හැම සවසක
මා රිදවූ බව හැගුනා
නමුදු දිනක
නුඔ මතු දින
සතුට අරන්
එයි සිතුනා
නෑ එන්නෑ
නුඔ එන්නෑ
හඩන සුසුම
මට කිව්වා
Sudeera Sanjaya
2008-06-09
කදුළු කැට නෙත් අගට
කදුළු කැට නෙත් අගට
සුසුම් හඩ සිත් කොනට
පාකර හරින්නට
හිමි නැති නුඔ
මට හිමි වන්නට
හැම දින පැතුවත්
හැම දින සිතුවත්
නුඔ
මා දෙස නොබලා
මා සිත හඩවා
ඉවත ගියේ ඇයි
අන්සතු වීලා
Sudeera Sanjaya
2008-06-09
සෙව්වෙමි නුඔව
සුළගට සෙලවෙන
කොළ අතරේත්
සයුරක ලෙලදෙන
රැළි අතරේත්
හදවත ඉකිලන
හඩ අතරේත්
සෙව්වෙමි නුඔව
එක් දිනක
හමු වුනෙමි නුඔ
හදවත නතර වුනි
මුළු ලොව නිහඩවුනි
හමු වුනෙමි නුඔ
අන්සතු වූ නුඔ
Sudeera Sanjaya
2008-06-09
අදුරු සෙවනැලි
අදුරු සෙවනැලි
කදුළු රජයන
මේ පාළු මිටියාවතේ
නුඔ එතැයි දැන් එතැයි
හද ඉකිගසා හඩලනු ඇසේ
රුව දකින්නට
පින් නොකල මුත්
නෙත් කෙවෙනි
අද මේ ලෙසේ
බලා ඉන්නම්
තවත් ඉන්නම්
කදුළු තද කරතෙන සිතේ
Sudeera Sanjaya
2008-06-09
මට නම් හිමි නෑ
ඉර මඩලට පෙම් කලාට
සද මඩලට හිත ගියාට
නුඹෙ සිත් තුල නැගෙන සිනා
මට නම් හිමි නෑ
ඒ බව මම පිළිගත්තද
සිත නම් නෑ පිළිගන්නේ
හැම හුස්මම නුඹය කියා
ඉකිලා හඩදෙයි
Sudeera Sanjaya
2008-06-09
ඔබ ගිය වග
ඔබ ගිය වග
අදහමි මම වෙන කල හැකි
කිසිවක් නැත
සමු ගනිමි
සිත හදමි
හදවත මොර දෙන
හඩ අසමි
මග හරිමි මම
නෙතු නුඹෙ
නැවතත් ආදරයක්
පිළිසිද ගනිමිදැයි බියෙන්
Sudeera Sanjaya
2008-06-09
නිල් තරු අතරින්
නිල් තරු අතරින්
සද එළි අතරින්
මගෙ සිතට ඔබ වඩින තුරා
හිම කදු අතරින්
මහ ඝන කතරින්
මා කැදවාගෙන යනෙන තුරා
බලා සිටිය නෙත් කෙවෙනිත්
ඝන උණු කදුළින් පිරෙන තුරා
කදුළු සුසුම් දෑත දරන්
නාවෙ කිමද දිවිය පුරා
Sudeera Sanjaya
2008 - 06 - 02
ආදරණීය චේ
විප්ලවයෙ මතකයන්
ලොවෙන් සමුගෙන යද්දි
ගැලු ලේ උණු කදුලු
මතකයෙන් වෙන්වෙද්දි
කුරිරු ලොව දනපතින්
නුඹව විකුනන් කද්දි
කිම මෙසේ නිහඩ වී
චේ නාමෙ සුන් වෙද්දි
Sudeera Sanjaya
2008-05-28
ඈ ගියාලු මං දාලා
සුසුම් සලන හන්තානක
කදුලු ගලන මද්දහනක
එක සුදු පැහැ මලක් වෙලා
නුඹ පිපුනිද මගේ ලොවට
කදුල ඉතින් නුඹ පලයන්
සුසුම මාව අතහැරපන්
දැවෙන හිතට පවනක් වී
ලගින් ඉන්න ඉඩ දීපන්
ඈ ගියාලු මං දාලා
සුසුම් කදුලු රන්දාලා
හැර යන කදුලද සුසුමද
යන්න එපා මං දාලා
Sudeera Sanjaya
2008-05-26
නුඹ එන්නෑ
නුඹත් එක්ක අත් අල්ලන්
හෙවනැල්ලක තනිවෙන්නට
පෙරැම් පුරා මම උන්නා
නුඹට මතක නැති උනාට
මා හැර ගිය නුඹ ඒ යැයි
හිත හොරාට මට කිව්වට
කවදාවත් නුඹ එන්නෑ
පාලු පාරෙ මං උන්නට
Sudeera Sanjaya
2008-05-20
34 comments:
කවි හිතට
සුබ පැතුම් !
: )
මගේ සුබ පැතුම් . දිගටම ලියන්න
ඔබගේ බ්ලොග් එක සින්ඩිකේටරයට එකතුවන්නේ නැත.මෙම ස්ථානයට යන්න http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/eff8727c3b296407#
මගෙනුත් සුභ පැතුම්. තවත් ලස්සන කවි ලියන්න ලැබේවා. :)
atthatama godak hodai man oyatha subha pathanawa www.chamodi.shani@gmail.com
god bles you
oyathe mithat vadha hodha nirmana liyanna oyatha shakyhiya labeva buy.................................
sudeele wee samada name obage
Obe kaviya sada alokayak wewi
nice... very nice.. but wtire some loveble pome also..
May wish you all the best..!!!
කවියකට නුබ
දුන්නු ඒ අරැත
රැගෙනවිත් මා අද
සැනසුවා මගේ
සෙනෙහස
ස්තුතියි නුබට
මම rambukwellagb@gmail.com
නුඔ එන්නෑ
එක තරුවක
එක වරුවක
කදුළු අතර මා සිටියා
නුඔ දවසක
හැම සවසක
මා රිදවූ බව හැගුනා
නමුදු දිනක
නුඔ මතු දින
සතුට අරන්
එයි සිතුනා
නෑ එන්නෑ
නුඔ එන්නෑ
හඩන සුසුම
මට කිව්වා
suba pathanawa thawa thawath nisadas liyanna
ඔබගේ තෙලිගුව සත්තයි සැමදා අමරණීයයි..... මම අනුරාදපුර තුෂාන් dimuthuthushan@gmail.com
tawa tawath lassanata kawi liyanne labewa
හැකිතාක් ස්ව නිර්මාණ ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්න.ඔබට ජය.......
නියමයි ජය ෙව්වා
තව තවත් ලස්සන කවි ලියන්න ලස්සන සිතුවිලි පහල වේවායි මම හදවතින්ම සුභ පතමි.... :)
ඔහොම යන මල්ලි, සුබ පතනවා අපි oyata
ලස්සනයි..නිහඬ කවියකට වඩා යමක් මේ කවි වල තියේ..ඔබට ජය...!!!!
නිහඩ සිත තුල..
දැවෙන සිතුවිලි
පදපෙලක අමුණා...
ඔබේ කවිකම්
අපේ සිත් තුල,
සදාකල් රැදුනා...
ඔබට ජය වේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥Godak lassanai.♥♥♥♥♥♥♥♥Good Luck♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥pramodya097@ gmail.com♥♥
නෙතු ගැහෙන පද අතර මදක් මා නැවතුනා
ඔබ ලියන පද පෙළක මගේ සිත පැටළුනා
හිත සොයන පද අරුත සිත තුලම නැවතුනා
ඔබ ලියන පද වැල් අරුත් බර බව වැටහුනා
තිළිණ ජයසුරිය
කැළණිය සරසවිය
ඇත්තටම ගොඩක් ලස්සන අදහස්.....
හොද අදහස් තීනව ගොඩක් හොදයි...
එක තරුවක එක වරුවක....😁ඒක නියමයි දිගටම ලියන්න
ඇත්තටම ලස්සනයි. ...අර්ථවත්......දිගටම ලියන්න. ...
ලස්සනයී 😍😍 තවත් හොදට ලියන්න...
Thazz all
😔😔😔💓
ලස්සනයි
lassanai
ලස්සනයි. සුභ පැතුම්!❤️
පන්හිඳ තුඩගින් පත් ඉරුවක කුරුටු නොගෑවට
ඔය දෑඟිලි තුඩග නිල් තීන්ත නොගෑවුණාට
සයිබර් අවකාශයේ ලස්සනම තැනක
වචන අමුණලා හරි ආදරෙන් ලියන්න හැමදාකම...
හදවතට දැනෙන හැඟෙන රිදෙන හිනැහෙන හැමදේම
කවියො කවි අතරෙ කුරුටු ගෑවහම
ආසයි කියවන්න ඒ වචන සේරම
සුභ පතනවා නුඹටත් කවි හිතටත් හැමදාම...
Post a Comment